🔵 පෙරදිග සංගීතය 🔵
🛑 වන්නම් වල ලක්ෂණ....
🔹== උඩරට වන්නම් ==🔹
1.) උඩරට ශාස්ත්‍රීය නැටුම්වලදී ගයන ගීත විශේෂයකට වන්නම් යැයි කියනු ලැබේ.
2.) මහනුවර යුගයේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේදී ආරම්භ වී ඇත.
3.) කර්ණාටක සංගීතයෙන් පෝෂණය ලබා ඇත.මේවාට කවිකාර මඩුවේ සේවය කළ කේරලයේ සිට පැමිණි ගණිතාලංකාර නැමැති සංගීතඥයා තනු සපයා ඇත.
4.) උඩරට වන්නම් 18කි..තනුව අනුව තානමක් ගැයේ.සරල නාද මාලා ඇත.
5.) උඩරට වන්නම් සඳහා ගැටබෙරය , තාලම්පොට යොදා ගනී.
6.) මෙම වන්නම් බෙර පදය , තානම , කවිය , කස්තිරම , සීරුමාරුව , අඩව්ව යන අංගවලින් සමන්විත ය.
🔹== පහතරට සිංදු වන්නම් == 🔹
1.) පහතරට වන්නම් සිංදු වන්නම් ලෙසද හඳුන්වයි.
2.) දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලයේ ගායනා කළ ගී විශේෂයක් ලෙස ප්‍රචලිත ය.
3.) සිංදු වන්නම් 32කි.
4.) බෙර පදය , තානම , කවිය , ඉරට්ටිය යන කොටස් හතරකින් සමන්විත ය.
5.) පහතරට බෙරය ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය ලෙස යොදා ගනී.
6.) සිංදු වන්නම් ආශ්‍රිත නාදමාලා සරල හා ස්වර ක්ෂේත්‍රය පටු බවකින් යුක්තය.
🔹== _සබරගමු වන්නම්_** ==🔹
1.) සබරගමු නර්තනය හා ආශ්‍රිත ගායන විශේෂයකි.
2.) සබරගමු ප්‍රදේශය පුරා ප්‍රචලිත වූ රංග සම්ප්‍රදායකි.
3.) තාල වාදනය සඳහා දවුල යොදා ගනී.
4.) වන්නම් නාමිකව 24 ක් වුවත් භාවිතයේදී දක්නට ලැබෙන්නේ 18 කි.
5.) දවුල් පදය , තානම , කවිය , කලාසම , අඩව්ව යන කොටස්වලින් සබරගමු වන්නම් සමන්විත වේ.
6.) දේශීය තිත් ක්‍රමය මත ගොඩනැගී ඇත.
0 Comments