📝Simple Present Tense (සරල වර්තමාන කාලය)📚
පුරුද්දක් වශයෙන් කරනු ලබන දෛනික ක්රීයා සරල වර්තමාන කාලයට අයත්වේ
🕯️I go to school - මම පාසලට යමි.
🕯️I Come to school - මම පාසල් එමි.
🕯️He goes to school everyday - ඔහු දිනපතා පාසල් යයි.
1st Person (උත්තම පුරුෂ)
I (මම) , We (අපි)
2nd Person (මධ්‍යම පුරුෂ)
You ( නුඹ , නුඹලා )
3rd Person (ප්‍රථම පුරුෂ) He (ඔහු) , She (ඇය) , It (ඌ)
සරල වර්තමාන කාලයේ ප්‍රථම පුරුෂ ඒක වචන වාක්‍ය තනන විට සෑම විටම ක්‍රියාපදයට "es" හෝ "S" එකතු කරනු ලැබේ.
උදාහරණ:-
📍He Comes to school - ඔහු පාසල් එයි.
📍He smokes - ඔහු දුම්පානය කරයි.
📍she wears a saree to school - ඇය පාසලට සාරියක් අඳියි.
Simple Present Tense වලින් ප්‍රශ්න තනන අන්දම
🕯️What do you do on Monday ? - සඳුදා දවස්වල ඔබ මොකද කරන්නේ ?
🕯️What do you wear to school ? - පාසලට ඔයා මොකක්ද අඳින්නේ ?
🕯️why do the buddhist go to the temple on poya day ? -ඇයි පෝය දාට බෞද්ධයන් පන්සල් යන්නේ ?
පිළිතුරු (Answers)
📍I go to the library on Monday - මම සඳුදට පුස්තකාලයට යමි
📍I were shirt and trouser to school - මම පාසලට කම්සය හා කලිසම අඳිමි
📍the buddhist go to temple to observe sil on poya days - බෞද්දයෝ පන්සල වෙත යන්නේ සිල් සමාදන් වීමටයි.
ඉහත සඳහන් වාක්‍ය වලින් දෛනික ක්‍රියාවන් ගැන සටහන් කර ඇත.
තවද Do හා Does යන ක්‍රියාවන් ගැන අපගේ අවදානය යොමු කරමු.
Do :- මෙම වචන යොදන්නේ වර්තමාන කාලයේදී පමණයි.
උදාහරණ:-
🔆I do not smoke - මම දුම් නොබොමි.
🔆We do not smoke - අපි දුම් නොබොමු.
🔆They do not come on sundays - ඔවුහු ඉරිදා දිනවල නොපැමිනෙති.
questions (පුශ්න)
☢️Do you know him ? - ඔයා ඔහුව අදුනනවද?
☢️What do you want to know about him ? - ඔබට ඔහු ගැන දැනගන්න අවශ්‍ය කුමක්ද ?
☢️Why do you study English ? - ඔබ ඉංග්‍රසි ඉගෙන ගන්නේ ඇයි ?
Does :- මෙම වචන යොදන්නේ වර්තමාන කාලයේ ප්‍රථම පුරුෂ ඒක වචන සමග පමණි.
(HE , She , It සමග පමණී)
උදාහරණ:-
⚛️HE doesn't smoke - ඔහු දුම්පානය නොකරයි.
⚛️HE doesn't know me by my name - ඔහු මාව මගේ නමින් දන්නේ නෑ.
questions (ප්‍රශ්න)
🔽Does he smoke ? - ඔහු දුම් බොනවද ?
🔽Does it work with battery ? එය බැටරියෙන් වැඩකරනවද ?
🔽What does he do for his living ? - ඔහු ජීවත් වීම සඳහා කුමක්ද කරන්නේ ?
0 Comments