01 කාර්මික විප්ලවය.
🚀කාර්මික විප්ලවය යනු,
🎡මනිසා විසින් යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරමින්, කාර්මික හා තාක්ෂණික ක්ශේත්‍රයේ ඇති කළ පුලුල් වෙනසයි.
🚀 කාර්මික විප්ලවයේ ආරම්භය.
🎡 18 වන සියවසේ
අගභාගයේ බ්‍රිතාන්‍යයේ.
🚀 කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ ආරම්භ වීමට හේතු.
🎡 කර්මාන්තවලට මුදල් ආයෝජනය කළ හැකි ධනවත් පිරිසක් බිහි විම.
🎡 15 වන සියවසේ යුරෝපය ඇති වූ පුනරුදය නිසා විද්‍යාත්මක දැනුම පුළුල් වීම.
🎡 යකඩ හා වානේ වැනි ඛනිජ සම්පත් බ්‍රිතාන්‍යයේ සතු වීම.
🎡 බල ශක්තිය සදහා අවශ්‍ය ගල් අඟුරු සපයා ගැනීම පහසු වේ.
🎡 දේශපාලන ස්ථාවරත්වය.
🎡 කඩා දිවයිනක් වීම.
⚓⚓ කාර්මික විප්ලවයේ ප්‍රබෝධය. ⚓⚓
🚀කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ සිදු වූ ප්‍රධාන ක්ශේත්‍ර 03
🎡 පේෂ කර්මාන්තය.
🎡යකඩ හා වානේ කර්මාන්තය.
🎡ගල් අඟුරු කර්මාන්තය.
🚀 පේෂ කර්මාන්තයේ කාර්මීකරණයට බලපෑ හේතු.
🎡 යටත් විජිතවලින් පැවති ඉහළ ඉල්ලුම.
🎡 ජෝන් කේ විසින් දුවන නඩාව නිපදවීම. (1713)
🎡 ජේම්ස් හාග්‍රීව්ස් විසින් ජෙනි යන්ත්‍රය නිපදවීම. (1764)
🎡 රචඩ් ආර්ක්රයිඩ් විසින් ජල බලයෙන් ක්‍රියා කරන නූල් කටින යන්ත්‍රය නිපදවීම.(1769)
🎡 සැමුවෙල් ක්‍රොම්ප්ටන් විසින් මියුල් යන්ත්‍රය නිපදවීම.(1779)
🎡 එඩ්මන්ඩ් කාර්ට්රයිට් විසින් මියුල් යන්ත්‍රය වාෂ්ප බලයෙන් රියාකරවීමේ ක්‍රමය සොයා ගැනීම. (1785)
🚀 යකඩ හා වානේ කර්මාන්තයේ කාර්මීකරණය ඇති වීමට බලපෑ හේතු.
🎡 බරිතාන්‍ය යපස් නිධි බහුල රටක් වීම.
🎡 කාර්මික විප්ලවයට පෙර සිතම බ්‍රිතාන්‍යයන් යකඩ හා වානේ නිපදවීම.
🎡 දර භාවිතය වෙනුවට ගල් අගුරු මගින් යපස් උණු කිරීමේ ක්‍රමය සොයා ගැනීම.
🎡 හෙන්රි කෝට් විසින් පදනම් කළ යකඩ නිපදවිය හැකි රෝයල් යන්ත්‍රය නිපදවීම.
🎡 වවෘත උදුන් ක්‍රමය සොයා ගැනීම.
🎡 වලියම් සීමන්ස් විසින් යපස් උණු කිරීමට විදුලි උදුනක් සකස් කිරීම.
🚀 ගල් අගුරු කර්මාන්තයේ කාර්මීකරණයක් ඇති වීමට බලපෑ හේතු.
🎡 බරිතාන්‍ය ගල් අඟුරු ආකර වලින් බහුල රටක්.
🎡 ලාබදායී හා කාර්යක්ෂම බලශක්තියක් වීම.
🎡 තෝමස් නිව්කොමන් විසින් වාෂ්ප එන්ජිම සොයා ගැනීම.
🎡 ජේම්ස් වොට් විසින් විධිමත් වාෂ්ප එන්ජිමක් නිපදවීම.
🎡 කේබල් කම්බි මගින් ගල් අඟුරු ආකර වලින් පිටතට ගෙන ඒමේ ක්‍රමය සොයා.
🚀ගල් අඟුරු කර්මාන්තය දියුණුවෙන් හිමි වූ අතුරු ප්‍රතිලාභ.
🎡 මහා මාර්ග ඉදි කිරීම සඳහා ගල් තාර යොදා ගැනීම.
🎡 රෙදිපිළි සායම් කිරීමට අවශ්‍ය සායම් වර්ග නිපදවීම.
🎡 ඖෂධ හා සූවඳ විලවුන් නිපදවීමට යොදා ගැනීම.
🎡 තෙල් හා පොහොර නිපදවීමට යොදා ගැනේ
____________________________
📚අධ්‍යාපනය සොයා යන ශිෂ්‍යන්ට පමණි ....
0 Comments